ගවේශන


                                    නැවතත් සිතන්නට කාලයයි මේ
       
               ජීවිතය ඇත්තේ විඳින්නට මිස විඳවන්නට නොවන බව අප කවුරුත් දන්නා ධර්මතාවයකි. එහෙත් ගෙවී යන මොහොතේ පවා ජීවිතයේ හරය නොදන්නා පිරිස් නිකරුනේ කාලය කා දමති. ඔවුන් එසේ හැසිරෙන්නේ ජීවිතයම එක් මෙවලමකට කොටු කර ගනිමිනි. මෙය සෑදී ඇත්තේ මිනිසුන්ගේ සන්නිවේදන අවශ්‍යතා පිරිමැසීම අරමුණින් විනා උදේ සිට රෑ වන තුරු සිය දෙනෙත් මෙම මෙවලම් තුළම රඳවා ගැනීමට නොවේ. අප කවුරුත් අපටත් වඩා හොඳින් දන්නා මේ මෙවලම අපේ ස්මාර්ට් ෆෝන් එකයි.උදේ සිට රාත්‍රිය දක්වා නූතන යෞවන යෞවනියන් මෙන් ස්මාර්ට් ෆෝන් එකටම වශී වී සිටියා නම් අද වන විට මෙතෙක් බිහි වූ මහා ප්‍රාඥයන් නොසිටින්නට ඉඩ තිබුණි. දෙමව්පියන්ගේ අවධානය නූතන තරුණ තරුණියන්ට ලක් වුවද නූතන පරම්පරාවේ අවධානය සිය දෙමව්පිය වරුන්ට යොමු නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ස්මාර්ට් ෆෝන් භාවිතයට ඔවුන් ඇබ්බැහි වී සිටීමයි. ඔවුන් සිය දවස ගෙවන හැටි දන්නේ නැත. උදේ සිට රාත්‍රිය දක්වා ස්මාර්ට් ෆෝන්  තුල ඔවුන්ගේ ජීවිතය රඳා පවතින බව ඔවුන් වත් නොදනී. 
           විවේකය ,විනෝදය, තොරතුරු දැන දැනගැනීමේ අවශ්‍යතාවය, අධ්‍යාපනය යනාදී අරමුණු වෙනුවෙන් නිමවී ඇති මෙම මෙවලම් නිසි පරිදි භාවිතය පිළිබඳ දැනුම මද භාවය නිසාම හෝ ඒවාට ඇබ්බැහි වී ඇති නිසා ජීවිතයේ හරවත් බව වටහා ගැනීමට නූතන පරම්පරාව අපොහොසත් වි සිටි. එහෙත් වඩාත් ම  සුදුසුම දේ නම් ජීවිතය ගොඩනඟා ගැනීමට දියුණු කරගැනීමට මෙම සන්නිවේදන තාක්ෂණයෙන් ම නිසි ඵල නෙළා ගැනීමයි. කාර්යබහුල දිවිපෙවෙතකට හුරුවීම තුළින් ජීවිතයේ දියුණුව කරා පැමිණිය හැකිය. අල්ලක් වවා මල්ලක් ගෙට ගත හැකිවන්නේ එවිටයි. කාර්යබහුල දිවිය තුළ, මනස සුවපත් කර ගන්නා විවේකී මොහොත තුළ ස්මාර්ට් ෆෝන් එක අපගේ හොඳම මිතුරා කර ගැනීම වරදක් නොවේ. එහෙත්  අවාසනාවකට හුදකලාව මිතුරකු කර ගනිමින් පවුල් සම්බන්ධතා තුළ හුදෙකලා වෙමින් පවුල් සංස්ථාව තුළ නූතන පරම්පරාව තව තවත් හුදකලා වී ඇත්තේ මෙවැනි සමාජ ජාල තුළ ඔවුන් සිරවී සිටීමයි. එහෙත් මෙම තත්ත්වය වහා වෙනස් විය යුතුය.ජීවිතයේ හරවත් බව මෙසේ නැසෙන්නට ඉඩ නොදිය යුතුය. ජීවිතයේ ඇති වගකීම් යුතුකම් පසෙක ලා නිකරුනේ කාලය කා දැමීමට මොහොතක් නොවේ මෙය. එමෙන්ම නූතනයේ වගකීම් සහගත පරම්පරාවක් වශයෙන් ඒ පිළිබඳව නැවත නැවතත් සිතන්නට කාලයයි මේ.

2016.06.07

1 comment: