තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සංකල්පය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සාකච්ඡාවේ දි තොරතුරු ලෙස සලකනු ලබන්නේ ප්‍රවෘත්ති හෝ ආරංචි හෝ එදිනෙදා සිදුවන සිදුවීම් පිළිබඳ තොරතුරු නොවේ. මෙහිදි තොරතුරු ලෙස හඳුන්වන්නේ මහජන මුදලින් නඩත්තු වන හා මහජන මුදල් භාවිතා කරනු ලබන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු හා එම ආයතන සතු තොරතුරු පිළිබඳවයි.
රජයේ තොරතුරු දැනගැනීමේ අයිතියක් ජනතාවට තිබීමේ පදනම
ලෝකයේ මුල් කාලීනව රාජ්‍යයන් සිය පාලනය ගෙන ගියේ සිය තීරණ සහ තොරතුරු ජනතාවගෙන් වසන් කරමින්ය.එකල රජය සතු තොරතුරු ඉතා රහසිගතව පවත්වාගෙන යනු ලැබීය. නමුත් ජනරජයක් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරිත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය සහ රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල් වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදු කරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබීය යතුය යන්න මෙහි මූලික සංකල්පයය.
මෙම අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මුලික අවශ්‍යතා 3 ක් පිළිබඳ සැලකිලිමත් වේ.
තොරතුරු සඳහා ඇති ප්‍රවේශය
ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලබ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයෙන් බාධාවකින් තොරව සමාජය තුළ ක්‍රියාත්මක වන බව මින් අදහස් වේ. විශේෂයෙන් ම ජනමාධ්‍ය වාරණයකින් හෝ බාධාවකින් තොරව හා නිදහස් ව හා බලපෑමෙන් තොරව හැසිරිම මෙහිදි වඩාත් ම වැදගත් වේ.
තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන වලට ඇති වගකිම
ජනාතාවට වැදගත් වන සියලුම තොරතුරු ජනතාවට ලබා ගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවට ලබාදීමට රාජ්‍ය ආයතන වලට වගකීමක් තිබීය යතුය. ජනතාවට බහුලව ලබා ගත හැකි මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවට තේරුම් යන ලෙස සරල ලෙස එම තොරතුරු ලබාදීම රජයේ වගකීමකි.
තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම
යම් යම් පුද්ගලයන්ට අදාළ වන තොරතුරු ඉල්ලා සිටි විට එම තොරතුරු ලබා දිමට ඇති බැඳීම මෙයින් අදහස් වෙයි. රාජ්‍ය රහස් වැනි සීමාවන්ට යටත්ව තොරතුරු රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමේ අයිතියක් ජනතාවට තිබීය යුතුය.
ජනතාවට අදාළ වන පෞද්ගලික තොරතුරු හා ජනතාවගේ බදු මුදල් වලින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දීමේ වගකීමක් රාජ්‍ය නිලධාරින්ට ඇත. මෙම තොරතුරු ප්‍රමාදයකින් තොරව හා නිවැරදිව ලබා ගැනීම ජනතාවගේ අයිතියකි.
සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ආකාර 3 කින් වැදගත් වේ.
- මානව අයිතියක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය,
- අනෙකුත් මානව අයිතීන් ආරක්ෂා කිරීමේ මෙවලමක් ලෙස
- ප්‍රජාතාන්ත්‍රවාදයේ හා යහපාලනයේ මෙවලමක් ලෙස
තොරතුරු දැනගැනීමේ අයිතිය - මානව හිමිකමක් ලෙස
සිවිල් දේශපාලන අයිතින් ගනයෙහි ලා සැලකෙන මානව අයිතියක් ලෙස බොහෝ ජාත්‍යන්තර හා කලාපීය මානව අයිතිවාසිකම්වල තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහන් කර ඇත.
උදා : මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වන ව්‍යවස්ථාවේ මෙසේ දක්වා සිටියි.
“තම නිදහස් මතය දැරීමට හා ප්‍රකාශ කිරීමට සැම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. අනුන්ගේ බාධාවක් නොමැතිව තම මත දැරිමටත් දේශසීමා නොසලකා කවර මාධ්‍යකින් හෝ තොරතුරු ලැබීමට හා දිමටත් ඇති අයිතිය ද ඊට ඇතුළත්ය”.
1966 දී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සම්මත් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය එහි 19 වන වගන්තිය මඟින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මෙසේ දක්වා සිටියි.
“19 .1 බාධාවකින් තොරව ස්වකීය මතය දැරීමට සෑම තැනැත්තෙකුට අයිතිවාසිකමක් ඇත්තේය.
2 සෑම තැනැත්තෙකුට ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇත්තේය. දේශසිමාවන්ගෙන් තොරව තොරතුරු සෑම අන්දමකම වාචිවක ලිඛිතව හෝ මුද්‍රිතව ද චිත්‍රවල ආකාරයෙන් ද එසේ නැතහොත් තමාට කැමති ඕනැම මාධ්‍යකින් ද සොයා ගැනීමට ලැබීමට හා දැන්වීමට තිබෙන නිදහස මෙම අයිතිවාසිකමට ඇතුළත් විය යුතුය”
මෙම වගන්තියේ 2 වන ජේදයෙහි ප්‍රතිපාදන අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම විශේෂ රාජකාරි හා වගකීම් හා සම්බන්ධ ව පවති.
එසේ හෙයින් එය ඇතැම් සීමාකිරීම් වලට යටත්විය හැකි නමුත් එම සීමා කිරීම් :-
අ) අනිත් අයගේ අයිතිවාසිකම් වලට හා කීර්ති නාමයන්ට ගරු කිරිම සඳහා
ආ) ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ මහජන සෞඛ්‍යය හා සදාචාරය හෝ රැකිම සඳහා
නීතියෙහි ලා විධිවිධාන සලසා ඇත්තා වුද අවශ්‍ය වන්නා වුද ඒවා විය යුතුය.
මේ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය කිසිඳු සීමාවකින් තොරව භුක්ති විඳිය හැකි නිරපේක්ෂ අයිතියක් නොවන බවත් එය යම් යම් සිමාවන්ට ලක් වන බවත් පැහැදිලි වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය - අනෙකුත් මානව හිමිකම් සම්පූර්ණ කිරීමේ මෙවලමක් ලෙස
පහත සඳහන් මානව අයිතින් පූර්ණ ලෙස භුක්ති විඳිමට තොරතුරු දැනගැනීමේ අයිතිය අවශ්‍ය වේ.
■ අදහස් පල කිරීමේ අයිතිය :
විධිමත් මතයක් ගොඩනැගීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය අවශ්‍ය වේ. මෙම විධිමත් මතය අදහස් පල කිරීමට අයිතිය ක්‍රියාවට නැගීම සඳහා ඍජුවම අදාළ වේ.
■ අධ්‍යාපනයට ඇති අයිතිය :
අධ්‍යාපනයට ඇති අයිතිය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය දෙයාකරයකින් වැදගත් වේ. මූලික ම නිවැරදි තොරතුරු පහසු ලෙස ලබා ගැනීමට නොහැකි නම් අධ්‍යාපන සඳහා අවශ්‍ය දැනුම ළඟා කර ගත නොහැකිය. එසේම අධ්‍යාපනයට ඇති අවස්ථා සාධාරණ ලෙස ලබා ගැනීමට නම් තොරතුරු දැනගැනීමේ අයිතිය පූර්ණ ලෙස තිබීය යුතුය. විශේෂයෙන්ම ජනප්‍රය පාසල් වලට තම දරුවන් ඇතුලත් කිරීම ගැන දෙමාපියන්ට ප්‍රශ්න කිරීමට හැකි වන්නේ ක්‍රමවේදය හා ලකුණු ප්‍රමාණය ආදියේ තොරතුරු ලබා ගැනීමට හැකි වන්නේ නම් පමණි.
■ සමානාත්මතාවයේ අයිතිය
නීතිය ඉදිරියේ සමානාත්මතාවය භුක්ති විඳිමට හා එය උල්ලංඝණය වු විට අභියෝගයට ලක් කිරිම සඳහා තොරතුරු ලබා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය - ප්‍රජාතාන්ත්‍රවාදයේ හා යහපාලනයේ මෙවලමක් ලෙස
තොරතුරු දැනගැනීම සඳහා පුරවැසියන්ට ඇති අයිතිය ප්‍රජාතාන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කිරිම සඳහා මෙන්ම ජනරජයක නීරෝගි පැවැත්ම සඳහා ද අත්‍යවශ්‍ය වන බව පිලිගත් මතයකි. රාජාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු වලින් ප්‍රජාතාන්ත්‍රවාදි පාලනයන් වෙන් වන ප්‍රධාන ලක්ෂණයක් ලෙස ද පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිගනියි.
■ ප්‍රජාතාන්ත්‍රවාදයේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය
මැතිවරණයකදී ජනතාව විධිමත් තෝරාගැනීමක් සිදුකිරීම සඳහා රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු ලැබීම අත්‍යවශ්‍ය කරුණකි. එසේම තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ප්‍රතිචාරාත්මක ප්‍රජාතාන්ත්‍රවාදයේ මූල සාධකයකි. එමෙන්ම පුරවැසියන් විසින් දේශපාලඥයන්ගේ ක්‍රියාවන් හා එහි ප්‍රතිපල පිළිබඳ නිරන්තර පරික්ෂාවට ලක් වන බැවින් දේශපාලඥයන් තම පොරොන්දු පරිදි කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. මෙය සිදුවීමට නම් ජනතාවට තොරතුරු ලැබීය යුතුය. එබැවින් තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ප්‍රචාරාත්මක ප්‍රජාතාන්ත්‍රවාදයේ මූලිකාංගයකි. එමෙන්ම තීරණ ගැනීමේ දී විනිවිද භාවයක් හා තොරතුරු බෙදා හදා ගැනීමක් නොමැතිව ප්‍රජාතාන්ත්‍රවාදි සහභාගිත්වයක් නොමැත. එබැවින් තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රවේශය උපදේශක ප්‍රජාතාන්ත්‍රවාදයේ ප්‍රධානාංගයකි.
■ යහපාලනයේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය
ඵලදායි හා කාර්යක්ෂම පාලනයක් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය මෙවලමක් ලෙස භාවිත කල හැක. එසේම විනිවිද පාලනය සඳහා ද වගවිම වර්ධනය සඳහා ද භාවිතා කල හැකි ශක්තිමත් උපකරණයකි. එසේම තොරතුරු දැනගැනීමේ අයිතිය අල්ලසට හා දුෂණයට එරෙහි වීමේ ප්‍රබල භාවිතයකි.
“තොරතුරු යනු ප්‍රජාතාන්ත්‍රවාදයේ ඔක්සිජන් වේ. ජනාතාව ඔවුන්ගේ සමාජය තුළ සිදු වන්නේ කුමක් දැයි නොදනි නම් ඔවුන් පාලනය කරන ක්‍රියාවන් සැගවී ඇත්නම්, ඔවුන්ට සමාජ ක්‍රියාකාරකම් සඳහා අර්ථවත් ලෙස දායක නොහැක.
නමුත් තොරතුරු දැනගැනීම ජනතාවගේ සාමාන්‍ය අවශ්‍යතාවක් නොව එය යහපාලනයේ අත්‍යවශ්‍ය කොටසකි. අයහපත් පාලනයකට සිය පැවැත්ම සඳහා රහස්‍යභාවය අවශ්‍ය වේ. එමඟින් අකාර්යක්ෂමතාවය හා නාස්තිය හා දුෂණය අනුමත කරයි. ජනතාව විසින් රජයේ ක්‍රියාවන් සියුම් පරික්ෂාවකට ලක් කිරීම හා ඒ මත එකී ක්‍රියාවන් විධිමත් කිරීම පිළිබඳ විවාදයක් ඇති කිරිම තොරතුරු දැනගැනීම මඟින් සිදු වේ.”