ප්‍රාග් බෞද්ධ චින්තනය තුළ ස්ත්‍රී පුරුෂ
සමාජ භාවය
භාරතයට ආර්යයන් සංක්‍රමණය වීමට පෙර පූර්ව වෛදික යුගයෙහි කාන්තාව නිදහස්, නිවහල්, ස්වාධීන තැනැත්තියක් විය. ඇය වෛදික යුගය තුළ ගෞරවයට පාත්‍ර වූවා සේම එවක භාරතය තුළ මාතෘ මූලික සමාජයක් නිර්මාණය වී තිබුනි. වෛදික සාහිත්‍ය තුළ භාර්යාවකගෙන් තොර පුරුෂයා පුරුෂ අර්ධයක් පමණකැයි ද බිරිඳ නිසා ඔහු සම්පූර්ණ වන බවද,
“අර්ධොහ වෛස අථ මනස් තස්වාද් යාවජජායංත වින්දෙතො අර්ඝො තතාවද් බවති අථ යදෛව ජායං වින්දතෙථ ප්‍රජායතෙ තර්හි ඝර්වතො භවති”
යනුවෙන් ශකපත බ්‍රාහ්මණයෙහි දැක්වේ. භාර්යාව දෙවියන් දුන් මිතුරියක් බවත් මිතුරන් අතර ඇය උතුම්ම තැනැත්තියක් බවත් මහාභාරතයෙහිද සඳහන් තිබේ.
ආර්්‍යාධිපත්‍යය තහවුරුව ගොඩනගා ගැනීමත් සමඟම ස්වාධීනව, නිවහල්ව සිය අයිතිවාසිකම් පුරුෂයා හා සමව විදි කාන්තාව සමාජයේ ස්වතන්ත්‍රභාවය අහිමි තැනැත්තියක් වූවාය. ඇය චපල, ලාමක, දුශීශීල, ඊර්ෂ්‍යා සහගත, නුවණ මඳ, අපිරිසිදු තැනැත්තියක් සේ බ්‍රාහ්මණයන් හෙළා දක්නා ලදී. කාන්තාවගේ ජිවිතය අවධි වලට බෙදා දැක්වූ බමුණා ඒ ඒ අවධීන්හි පුරුෂයා මිය ගිය කල්හි දැවෙන සෑයට පැන සිය දිවි නසාලීමට තරම් වූ ක්‍රෑර තත්ත්වයක් බ්‍රාහ්මණ යුගයේ කාන්තාවට උරුම විය.
පූර්ව වෛදික යුගයේ සිට ඇයට සමාජයේ නිදහසක් ලැබූණි. මොහෙන්දොරෝ හරප්පා, ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගවල මව් දෙවඟන ලෙස ඇය ගෞරවාදයට ලක් වූවාය. ඇය ජීවිතය තුළ වහල්භාවයට පත්වූයේ නැත. එපමණක් නොව කන්‍යාභාවය වෙනුවෙන්ද සශ්‍රීකත්වය වෙනුවෙන්ද ඇය ගෞරවාදරයට ලක්වූවාය. වෛදික යුගයේ කතුන් පිරිමි හා සමානත්වයෙන් ආගමික ආර්ථික සමාජීය අයිතිවාසිකම් ලැබුවාය. ඔවුහු පිරිමි දරුවන් සමඟ ගුරුවරුන් වෙත ගොස් ගුරු ගෞරවයෙන් වේදය හැදෑරුහ. නැටුම්, ගැයුම්, වැයුම් ආදී සෞන්දර්යන්හි නිරත වූවාය. මෙකල කාන්තාව නිදහසේ ගමන් බිමන් වල යෙදුණහ. ක්‍රීඩාවල යෙදුණහ. තනිව තමා කැමති පරිදි රහසිගතව පෙම් සබඳතා පවත්වා ගත්හ. තමා කැමති අයෙක් සමඟ විවාහ වීමටද නිදහස තිබුණි. විවාහ වූ ස්වාමි පුරුෂයන්ට මුදල් ඉපයීම සඳහා සහය දැක්වූහ. පුරුෂයන් සමඟ කෙත් යායට ගොස් ගොවිතැන් කළහ. එපමණක් ද නොව ගෙත්තම් කිරිම මගින්ද මුදල් උපයන ලදි. මෙකල කාන්තාව පුරුෂයා සමඟ යාග භූමියට ගොස් දේව පූජා පවත්වමින් දේව කන්නලව් කළහ. එකල කාන්තාවට ස්ත්‍රී ධනයන්ද හිමි වි තිබුණි. මෑණියන් සතු ධනය දියණියට දායාද වශයෙන් ලබා දුනි. සමහර කාන්තාවෝ උගත් පඬිවරු සමඟ වාද විවාද වල යෙදෙමින් ජයග්‍රහණය කළ අවස්ථාවන්ද සඳහන්ව ඇත. නිදසුන් වශයෙන් ගගර්යා චචක්නු නම් කාන්තාව යඟූ වව්ක්‍ය නම් පඬිවරයා සමඟ භවයේ මූලාරම්භය ගැන විවාදයක් කළ බවත් ඒ විවාදයෙන් එම කාන්තාව ජයගත් බවත් සඳහන් වේ. මේ නිසා වෛදික යුගය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භූමිකාව තුළ ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සම තැන ලැබී තිබූ බව පැහැදිලි කරගත හැකිය.
No comments:
Post a Comment