Friday, September 7, 2018

                   ප්‍රාග් බෞද්ධ චින්තනය තුළ ස්ත්‍රී පුරුෂ 
සමාජ භාවය 

භාරතයට ආර්යයන් සංක්‍රමණය වීමට පෙර පූර්ව වෛදික යුගයෙහි කාන්තාව නිදහස්, නිවහල්, ස්වාධීන තැනැත්තියක් විය. ඇය වෛදික යුගය තුළ ගෞරවයට පාත්‍ර වූවා සේම එවක භාරතය තුළ මාතෘ මූලික සමාජයක් නිර්මාණය වී තිබුනි. වෛදික සාහිත්‍ය තුළ භාර්යාවකගෙන් තොර පුරුෂයා පුරුෂ අර්ධයක් පමණකැයි ද බිරිඳ නිසා ඔහු සම්පූර්ණ වන බවද,
“අර්ධොහ වෛස අථ මනස් තස්වාද් යාවජජායංත වින්දෙතො අර්ඝො තතාවද් බවති අථ යදෛව ජායං වින්දතෙථ ප්‍රජායතෙ තර්හි ඝර්වතො භවති”
යනුවෙන් ශකපත බ්‍රාහ්මණයෙහි දැක්වේ. භාර්යාව දෙවියන් දුන් මිතුරියක් බවත් මිතුරන් අතර ඇය උතුම්ම තැනැත්තියක් බවත් මහාභාරතයෙහිද සඳහන් තිබේ.
ආර්්‍යාධිපත්‍යය තහවුරුව ගොඩනගා ගැනීමත් සමඟම ස්වාධීනව, නිවහල්ව සිය අයිතිවාසිකම් පුරුෂයා හා සමව විදි කාන්තාව සමාජයේ ස්වතන්ත්‍රභාවය අහිමි තැනැත්තියක් වූවාය. ඇය චපල, ලාමක, දුශීශීල, ඊර්ෂ්‍යා සහගත, නුවණ මඳ, අපිරිසිදු තැනැත්තියක් සේ බ්‍රාහ්මණයන් හෙළා දක්නා ලදී. කාන්තාවගේ ජිවිතය අවධි වලට බෙදා දැක්වූ බමුණා ඒ ඒ අවධීන්හි පුරුෂයා මිය ගිය කල්හි දැවෙන සෑයට පැන සිය දිවි නසාලීමට තරම් වූ ක්‍රෑර තත්ත්වයක් බ්‍රාහ්මණ යුගයේ කාන්තාවට උරුම විය. 
පූර්ව වෛදික යුගයේ සිට ඇයට සමාජයේ නිදහසක් ලැබූණි. මොහෙන්දොරෝ හරප්පා, ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගවල මව් දෙවඟන ලෙස ඇය ගෞරවාදයට ලක් වූවාය. ඇය ජීවිතය තුළ වහල්භාවයට පත්වූයේ නැත. එපමණක් නොව කන්‍යාභාවය වෙනුවෙන්ද සශ්‍රීකත්වය වෙනුවෙන්ද ඇය ගෞරවාදරයට ලක්වූවාය. වෛදික යුගයේ කතුන් පිරිමි හා සමානත්වයෙන් ආගමික ආර්ථික සමාජීය අයිතිවාසිකම් ලැබුවාය. ඔවුහු පිරිමි දරුවන් සමඟ ගුරුවරුන් වෙත ගොස් ගුරු ගෞරවයෙන් වේදය හැදෑරුහ. නැටුම්, ගැයුම්, වැයුම් ආදී සෞන්දර්යන්හි නිරත වූවාය. මෙකල කාන්තාව නිදහසේ ගමන් බිමන් වල යෙදුණහ. ක්‍රීඩාවල යෙදුණහ. තනිව තමා කැමති පරිදි රහසිගතව පෙම් සබඳතා පවත්වා ගත්හ. තමා කැමති අයෙක් සමඟ විවාහ වීමටද නිදහස තිබුණි. විවාහ වූ ස්වාමි පුරුෂයන්ට මුදල් ඉපයීම සඳහා සහය දැක්වූහ. පුරුෂයන් සමඟ කෙත් යායට ගොස් ගොවිතැන් කළහ. එපමණක් ද නොව ගෙත්තම් කිරිම මගින්ද මුදල් උපයන ලදි. මෙකල කාන්තාව පුරුෂයා සමඟ යාග භූමියට ගොස් දේව පූජා පවත්වමින් දේව කන්නලව් කළහ. එකල කාන්තාවට ස්ත්‍රී ධනයන්ද හිමි වි තිබුණි. මෑණියන් සතු ධනය දියණියට දායාද වශයෙන් ලබා දුනි. සමහර කාන්තාවෝ උගත් පඬිවරු සමඟ වාද විවාද වල යෙදෙමින් ජයග්‍රහණය කළ අවස්ථාවන්ද සඳහන්ව ඇත. නිදසුන් වශයෙන් ගගර්යා චචක්නු නම් කාන්තාව යඟූ වව්ක්‍ය නම් පඬිවරයා සමඟ භවයේ මූලාරම්භය ගැන විවාදයක් කළ බවත් ඒ විවාදයෙන් එම කාන්තාව ජයගත් බවත් සඳහන් වේ. මේ නිසා වෛදික යුගය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භූමිකාව තුළ ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සම තැන ලැබී තිබූ බව පැහැදිලි කරගත  හැකිය. 

Tuesday, September 4, 2018

                                                  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය 
                 

 ස්ත්‍රී පුරුෂ සමාජභාවය මෑත යුගය තුළ සාමාජයෙහි නැගී ආ ඉතා සුවිශේෂී සංකල්පයකි. සමාජය තුළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අතර පැවතිය යුතු සම්බන්ධතාවල ස්වභාවය පිළිබඳ යම් නිර්ණායකයන් සපයා දීමට මෙම සංකල්පය මැදිහත් වී ඇත. කිසියම් සමාජයක් විසින් කාන්තාවන්ට හා පිරිමින්ට උචිත යැයි සලකනු ලබන හැසිරිම් රටාවන්, කාර්යභාරයන් ක්‍රියාවන් හා ගති ලක්ෂණයන් ස්ත්‍රී / පුරුෂ සමාජ භාවය යන්නෙන් අදහස් කෙරේ. නිදසුනක් ලෙස හැඬීම පිරිමි ළමයින්ට උචිත නැත, ගැහැණු ළමයි සැමවිටම නිහඬ විය යුතුය, මුදු මොළොක් විය යුතුය,  යනාදී අදහස් දැක්විය හැකිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක ලක්ෂණයක් නොවේ. එය සමාජය විසින් ගොඩනඟා ගත්තකි. සමාජය විසින්ම ඇති කරගෙන, සමාජය විසින්ම පෝෂණය කරන්නකි. එහෙයින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය විවිධ සමාජයන් හා විවිධ සංස්කෘතින් අතර එකිනෙකට වෙනස් විය.  පිරිමි ළමුන් හා ගැහැණු ළමුන්ද යෞවන යෞවනියන්  සහ පිරිමින් හා ගැහැණුන්ද ඔවුන් වෙත පැවරී ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවීය කාර්යභාරයන් අනුව හැසිරීමට ඉගෙන ගනියි. 
ලිංගභේදය, ස්ත්‍රීත්වය හා පුරුෂත්වය , ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාජ අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථා වලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ ලිංග භේදය යන පදයට වඩා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පදය සමාජීය මෙන්ම මනෝභාවාත්මක වශයෙන්ද වෙනස් වූ අර්ථයක් ගෙන දේ. ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ උපතින්ම හිමිවන ලිංගික භාවයෙහි වෙනසයි. ජිව විද්‍යාත්මක ස්වභාවයෙන් සිය`ඵම ජීවිත ස්ත්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබති. ස්ත්‍රීය හා පුරුෂයා අතර ඇති මෙම ජිව විද්‍යාත්මක ලිංගික වෙනස නිසා ඔවුනොවුන්ගේ අඟපසඟ ඉන්ද්‍රියන් හා ශරිර වර්ධනය වෙනස් අයුරින් සිදුවේ. මෙම ලිංගික වෙනස ස්වභාවිකවම නිර්මාණය වූ ජීව විද්‍යාත්මක වෙනසකි. මෙය සමස්ත ලෝකයටම පොදු වූ දෙයකි. කවර රටක, කවර සමාජයක වුවද වසර දහස් ගණනකට පෙරාතුව වුවද නූතන යුගයේදී වුවද මෙම ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස නොවෙනස්ව පවතී.
ජීව විද්‍යාත්මකව ස්ත්‍රියට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්ත්වයන් මෙම දෙපක්ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘතිය විසින් මෙම බෙදීම සිදු කර ඇති අතර සෑම ඒකකයකදීම මෙන්ම සෑම ස්තරයකදිම එය දක්නට ලැබේ. ස්ත්‍රින්ට හා පුරුෂයින්ට එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ, අනන්‍යතාව, හැසිරිම් රටා, භූමිකා සහ වෘත්තින් පවා සමාජය විසින්ම නිර්මාණය කර දී තිබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් සොබාදහමින් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය, ආගම, විශ්වාස, ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්ත්වය ස්ථාපිත කර තිබේ. මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. එම නිසා ස්ත්‍රී පුරුෂ ලිංගභේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සු`ඵ දෙයකි. 
ලොව සෑම සමාජයකම ස්ත්‍රීන් හා පුරුෂයින් අගය කිරීම සිදුවන්නේ කෙසේද ?
පුරුෂයින් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්, එඩිතර ඉක්මන් තීරණ ගත හැකි නායකත්වයක් සහිත, බුද්ධිමත් හා තාර්කික කොටසක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් ස්ත්‍රීය ළාමක, සුන්දර, පුරුෂයෙකු මත යැපෙන, කාරුණික, ඉක්මණින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ. ස්ත්‍රී පුරුෂ භාවය තුළින් ඉස්මතු කරන්නේ ස්ත්‍රීන් පුරුෂයින් අතර සමතැන පිළිබඳ සටන් පාඨය ඉක්මවා ගිය එකකි. ඒ තුළ මතුවන මූලික කාරණා පහත දැක්වෙන පරිදිය.
1ග ස්ත්‍රීන්  සඳහා සුවිශේෂී අවශ්‍යතාවන් තිබේ.
2ග ස්ත්‍රීන් සඳහා වෙනස් වූ අවශ්‍යතාවන් තිබේ.
3ග ස්ත්‍රීන් අසාධාරණයට ලක්විමේ ඉඩකඩ වැඩිය.
4ග සංවර්ධන ක්‍රියාවලිය තුළින් ස්ත්‍රීන් පුරුෂයින් හා සමානව සැලකීමට ලක් කල යුතුය.

ස්ත්‍රී  පුරුෂ බෙදීම තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම්
ස්වභාව ධර්මයෙන් හිමි වී ඇති ප්‍රජනන කාර්යය මෙන්ම ගෘහාශ්‍රිත සිය`ඵ කාර්යයන් සමාජය විසින් ස්ත්‍රීයට පවරා දී ඇත.
ඒ අනුව,
- දරුවන් පෝෂණය කිරිම
- රැකබලා ගැනීම 
- ගේ දොර කටයුතු
- දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
- වැඩිමහල්ලන් රැක බලා ගැනීම ඒ අතර වේ. 

එයට වෙනත් ආකාරයෙන් ගෘහයෙන් පිටත ආදායම් ඉපැයීමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත. 
- වෙළඳාම 
- ගොවිතැන හෝ වෙනත් රැකියා 
- සමාජ වැඩ කටයුතු
- ස්ත්‍රීන්ට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම

මේ අනුව ගෘහාශ්‍රීත කටයුතු සමාජය විසින් ස්ත්‍රියට පවරා ඇති අතර ඇය පෞද්ගලික නැතිනම් ගෘහාශ්‍රිත ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙසත් සැලකෙයි. එම නිසා පෞද්ගලික ගැහැණිය යන නමින්ද හැඳින්වේ. පුරුෂයා ගෘහයෙන් පිටත ආදායම් ඉපයීමේ කාර්යය කරන නිසා ඔහු පොදු ක්ෂේත්‍රයේ කෙනෙකු ලෙස සැලකේ. එම නිසා ඔහු පොදු පිරිමියා නමින් හැඳින්වේ. දරුවෙකු කුඩා කල සිට සමාජානුයෝජනය කිරීම තුලින් දිගු කලක් තිස්සේ මෙම අනන්‍යතාවන් ඇය හෝ ඔහුගේ මනස තුළ ස්ථාපිත කෙරේ.
ඕනෑම සමාජයක ස්ත්‍රින්ට හා පුරුෂයින්ට අසමාන වූ තත්ත්වයක් හිමිකර දී ඇති අතර ඒ මත පදනම් වූ විශ්වාසය හා අගය කිරීම් එම සමාජ වල දැඩිව මුල් බැසගෙන ඇත. 
බොහෝ රටවල ඇඳුම් පැළදුම් ඇඳීමේ හා භාෂා භාවිතා කිරිමේ වෙනස්කම් පවා දක්නට ලැබේ. එහිදී ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදුනු පද ,ව්‍යාකරණ විධි, ස්ත්‍රින්ට හා පුරුෂයින්ට විශේෂිත වූ යෙදුම් හා ව්‍යවහාර දක්නට ලැබේ.
තවද රැකියා ක්ෂේත්‍රයේ හෙද, ගුරු, ලේඛක වැනි වෘත්තීන් ස්ත්‍රීන්ට හිමි ක්ෂේත්‍ර ලෙසද බර වාහන පැදවීම, ඉංජිනේරු හා ආරක්ෂක අංශ. තාක්ෂණ  රැකියා සහ කළමනාකරණය වැනි වෘත්තීන් පුරුෂයින්ට වෙන්වූ ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය හා පිරිමියා මේ ආකාර විය යුතුය යනුවෙන් සමාජය විසින් වර්ග කිරීමක් කර තිබෙන නිසා ඔහුගේ රැකියා ක්ෂේත්‍ර වලදී පවා බෙදීමක් දක්නට ලැබේ.
කෙසේ වුවද සමාජයක් ගත්විට ශක්තිමත්, එඩිතර හා නිර්භීත ගැහැණු පිරිමි දෙප්කෂයම සමාජය තුළ ජීවත් වේ. ලාමක, නම්‍යශීලි, කාරුණික, ඉවසීමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හෝ පුරුෂයා මේ ආකාරය විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රිය හා පුරුෂයා නොහැසිරේ නම් එය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකී.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේදී ස්ත්‍රියට අප්‍රධාන තත්ත්වයක් හිමිවේ. පුරුෂයා පවුල තුළ ආධිපත්‍ය බලය හිමිවේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක් කුලකයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රියට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්‍රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය, අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍යය හිමි වන්නේ පුරුෂයාටයි. ඒ අසමාන වූ සමාජ භාවය නිසාය. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කරදෙන ලැබූ සමාජ සබඳතාවයක් ලෙස සරලව හැඳින්විය හැකිය.

                                                            THE LOSS



The hopes
Vanish
with the,
dreams,
dissappearing,
The laughter of delight;
sad thoughts,
embracing the heart,
with memories,
of past,
sincere and cherished;
in the pearls
of,tears,
feels the loss,
with the loss,
with pain unbeareable.