Thursday, July 12, 2018

                            
                                   21 සියවසේ නැසී යන කාන්තා අභිමානය.

         ඇය සමාජයේ නිර්මාණාත්මක කැඩපතකි.සමාජමය ප්‍රතිබිම්භයකි.අපි ඇයගෙන් සමාජය වටහා ගනිමු.වෙසෙසින්ම ඇය සමාජයේ යළි කියවීමකි.ඇය අන් කිසිවෙකු නොව උත්තරීතර කාන්තාවයි.විටෙක ඇය උතුම් මවකි, තවත් විටෙක සහෝදරියකි, එමෙන්ම සදාදරණීය මිතුරියකි.ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ලක් මාතාව අනන්‍ය සංස්කෘතියකටද උරුමකම් කියයි.එකී සංස්කෘතියේ අභිමානවත් භූමිකාව කාන්තාවයි.සමාජමය පද්ධතියක් හෝ සංස්කෘතිකමය වටපිටාවක අර්ථ විග්‍රහයේදී අප ඇයගෙන් මූලික ප්‍රවේශය ගනිමු.එහිදී කාන්තාව සමාජයක සමස්ත මූලයයි.යහගුණ, සාරධර්ම, විනීත බව, හැදියාව කාන්තාවකගේ පරමාදර්ශයන්ය.  
      එහෙත් නූතන කාන්තා භූමිකාව තුළ එකී කරුණු වල සාඵල්‍යයතාව නිරවද්‍යයද යන්න අවධානය යොමු කළ යුතු කරුණකි.ලක්මවට අනන්‍ය මෙකී කාන්තා ප්‍රතිරූපය 21 වන සියවසේදී ඛේදනීය ස්වභාවයක් ගෙන ඇති බව අප කවුරුත් දන්නා නොරහසකි.නූතන මාධ්‍යය තුළ ඇය වෙළෙඳ භාණ්ඩයකි.ඇයගේ අඟපසඟ, රූ සොබාව විකුණුම් කාරකයන් වී ඇත.සමාජ මාධ්‍ය තුළ ද ඇයගේ නිරුවත වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වී හමාරය.විශේෂයෙන් සාම්ප්‍රදායිකත්වයෙන් මිදී නූතන මව්වරුන්ද පොශ් වන්නට උත්සාහ දරති.එකී උත්සාහය තුළ කාන්තා අභිමානයට සිදුවන විනාශය ඔවුන්වත් නොදනී.උත්තරීතර මව් පදවියට එයින් වන හානිය ද විශාලය.නූතන සමාජ ජාල මාධ්‍ය තුළට මුදා හරින ිැකසෙ ඡායාරූප මෙයට කදිම සාක්ෂි සපයයි.ඒවායින් විකෘති වන්නේ ඔවුන්ගේම ප්‍රතිරූපයයි.අතීතයේ අපේ වැඩිහිටියන් විඳි ගී සුවඳත් එයට සමවාය වූ කාන්තා ප්‍රතිරූපයත් නූතන ගීතය තුළ විරූපි වී ඇති බව මෑතක සිට ජනප්‍රිය වූ ගීත වලින්ම පෙනේ.දරුවෙකුට සිය මව සමඟ නැරඹිය හැකි ගීත කලාවක් නූතනයේ පවතීද? රූපවාහිනියේ තීරයේදී සිය මව වැනි  තවත් කාන්තාවක් අඩනිරුවත්ය.මෙවන් පසුබිමක ලාංකීය සංස්කෘතියට යන කල දවස කුමක්ද? මේ  පිළිබඳ නැවත නැවතත් සිතා බැලිය යුතු කාලයයි මේ.     



No comments:

Post a Comment