තොරතුරු දැනගැනීමට ඇති අයිතියේ වැදගත්කම.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම පනත ජනමාධ්‍යවේදින්ට වාසි සහගත වන නීතියක් ලෙසටයි. එය වැරදි වැටහීමක් වශයෙන් සැලකිය හැකිය. තොරතුරු නීතියක වාසිය ලැබෙන්නේ සමස්ත පුරවැසියන්ටය. එක් අතකින් රජයේ නිල තොරතුරු සඳහා නීත්‍යානුකුල ප්‍රවේශයක් ලැබීම මගින් ජනතාවගේ එදිනෙදා කටයුතු නිසි අවබෝධයකින් යුතුව සිදු කල හැකි වනවා මෙන්ම එමගින් රජයේ නිලධාරින්ගේ වගකීම ද ඉහළ යන බවක් දැකිය හැකිය.
අනෙක් අතට රජයේ තොරතුරු සඳහා ජනතාවට ප්‍රවේශයක් තිබීම මඟින් ජනතාවගේ සුපරික්ෂණ හැකියාව ඉහළ යන අතර එමඟින් නිලධාරින් හා දේශපාලනඥයින්ට රජයේ මුදල් ඇහිරි යයි. එමඟින් මහජන මුදල් නිසි අරමුණු සඳහා උපරිම ඵලදායිතාවයකින් වැය කිරීමට නිලධාරින්ට බල කිරීමක් සිදු වේ. සරල ලෙස තොරතුරු දැනගැනීමේ නීතියක් මඟින් ජනතාව සවිබල ගැන්වෙන අතරම රජයේ වගවීමද ඉහළ යයි. තොරතුරු සඳහා ප්‍රවේශ වීමට පුරවැසියාට ඇති හැකියාව අයිතියක් ලෙස පිළිගැනීම ඉතා වැදගත් ය.
එයට හේතු වන්නේ,
01) ප්‍රජාතාන්ත්‍රවාදි ක්‍රියාවලිය සඳහා එය ආරක්ෂා වී ඇති අයිතිවාසිකමක් යන යහ පාලනය සහ අනෙකුත් සියලුම මානව අයිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටුකිරීම.
02) රාජ්‍යයකට ජාත්‍යන්තර බැඳිම් ඇත. තොරතුරු දැනගැනීමේ සහ ලබා ගැනීමේ අයිතියට ඉඩ දිය යුතු බවට ද ජාත්‍යන්තර පිළිගැනීම් ඇත.
03) රජය විසින් සිය ජනතාවට ඔවුන්ගේ අභිමතය පරිදි තොරතුරු ලබාදීම සිදු කළ යුතු අතර එයින් නෛතික වශයෙන් ක්‍රියාත්මක කළ යුතු අයිතියක් ලුහුඩින් කිරීමට හෝ නොසලකා හැරීමකට රජයකට සිය අභිමතය පරිදි කළ නොහැකිය.
04) මෙය එක් අතකින් වගකීම් දරන්නෙකු හා අනික් අතින් නෛතික හිමිකමක් දරන්නෙකු නීතිය නිර්මාණය කිරීමකි. මෙතුළ තොරතුරු අනාවරණ නොකිරීම නීතිය උල්ලංඝණය කිරීමක් වීම හා ඒ අනුව ප්‍රතිලාභ ලෙස නීතියේ පිළිසරණක් ලබා ගැනිමට හිමිකමක් ලැබේ.
05) තොරතුරු අයත් වන්නේ ජනතාවට මිස රජයට නොවන බව ගම්‍ය වීම. ඒ අනුව තොරතුරු මුදා හැරීමට තදබල හේතුවක් ඇතොත් මිස සියලුම තොරතුරු රහස්‍යය යන සිද්ධාන්තය වෙනුවට තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට තදබල හේතුවක් ඇතොත් මිස සෑම තොරතුරක්ම ලබා ගැනීමේ නිදහස ජනතාවට ඇති බව ආදේශනය වීම.
No comments:
Post a Comment