Monday, July 23, 2018

                  ගුණදාස අමරසේකරයන්

නව කතාවල කෙටි කතාව හා පද්‍ය රචනයෙහි මෙන් ම විචාර කලාවෙහි ද එක ලෙස
සමත්කම් පාන දුර්ලභ ගණයේ ලේඛකයෙකු වශයෙන් ගුණදාස අමරසේකරයන්
පෙන්වා දියහැකිය. මෙතුමා උපත ලද්දේ ගාලූ දිස්ති‍්‍රක්කයට අයත් යටලමත්ත නම්
ප‍්‍රදේශයේ දී 1929 නොවැම්බර් මස 12 වන දිනය. යටලමත්ත රජයේ පාසලින් හා
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු මෙතුමා ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයේ
දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය දිනා ගත්තේය. පසුව දන්ත
වෛද්‍යවරයෙකු වශයෙන් රජයේ දන්ත වෛද්‍යායතනයට බැදුණු අමරසේකරයෝ එහි
අධිපති ධූරය දක්වා උසස් වීම් ලැබූහ.



අමරසේකරගේ ලේඛන කුසලතා එළි දකින්නට පටන් ගැනුණේ පේරාදෙණි සරසවියේ සිසුවෙකු ව සිටි සමයේදී ය. මුද්‍රණයෙන් නිකුත් වු ඔහුගේ මුල්මකෙටිකතා සංග‍්‍රහය ”රතුරෝස මල”වන අතර 
ජීවන සුවඳ, එකම කථාව, එක්ටැමෙන්පොළවට, කතා පහක්. ගල් පිළිමය සහ බොල් පිළිමය, මරණ මංචකයේ දුටුසිහිනය,
පිළිම ලොවයි පියෙවි ලොවයි හා විල්තෙර මරණය යනුවෙන් ඔහු අතින් මේ  වන විටකෙටිකතා කෘති නවයක් ලියැවී තිබෙි, ගුණදාස අමරසේකරයන්ගේ ප‍්‍රථම නව කතාව ”
කරුමක්කාරයෝ” නමි වු අතර යළි උපන්නෙමි, දෙපා නොලද්දො,
අසත්‍ය කතාව,ක්ගමනක මුල, ඉණි මගේ ඉහලට, ගමනක මැද ඔහුගේ සෙසු නව
කතා වෙයි. භාව ගීත, උයනක හිඳ ලියු කවි, අමල් බිසොල, ආවර්්ජනා, අසක්දා කව
එතුමාගේ කාව්‍ය කෘතින් වේ කිහිප වරක්ම රාජ්‍ය සමිමානයෙන් ද පිදුම් ලැබු ඔහුගේ   
 ඇතැම් පොත් විදෙස්  භාෂාවන්ට ද පරීවර්තනය වී තිබේ.

No comments:

Post a Comment