Thursday, July 12, 2018

                                              දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය

   ‍දෙවිනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවාලය හේතුවෙන් දෙවිනුවර පුරවරය ශ්‍රී ලංකාවේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුළයි. වර්‍ෂ 200 ක් පමණ ඈත අතීතයට උරුමකම් කියන ශ්‍රී විෂ්ණු දෙවියන් වැඩ සිටින මෙම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන  මහා ඇසළ උත්සවය ද ඒ හා සමාන අතීතයකට උරුමකම් කියයි.ක්‍රි.ව හත් වන ශතවර්‍ෂයේදී පමණ මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවා ඇති මෙම දේවාලය පිළිබද තතු සැලළිහිණි සංදේශයේ සඳහන් වේ.තවද මෙම දේවාලය  අතීතයේදී විදේශීය ආක්‍රමණ වලට ද ගොදුරු වූ අතර වර්තමානයේ එය මුළුමනින්ම ප්‍රතිසංස්කරනය කර ඇත.වළගම්බා රජු විසින් ඉදි කරවනලද ඔත්පිළිම විහාරයක් ද මෙම දේවාල භූමියේ පිහිටා ඇත.1995 දී පමණ ඉදිකිරීම් අරඹා මේ වනවිට වැඩ නිමවා ඇති ලංකාවේ උසම හිටි පිළිමයද මෙහි පිහිටා ඇත. 


No comments:

Post a Comment